ප්රථම වතාවට යේමනය වෙත ගොඩබිම් හමුදාවක් යැවීමට කටාර් රාජ්ය කටයුතු කර ඇත.
ඒ අනුව, හමුදා රථ හා ප්රහාරක හෙලිකොප්ටර්වලින් සමන්විත කටාර් සෙබලුන් දහසක් මාරීබ් ප්රාන්තය වෙත පැමිණෙනු ඇති බව කියැවෙයි.
පසුගිය සතියේදී සෞදිය ප්රමුඛ ඒකාබද්ධ හමුදාවේ සෙබලු 60ක් මෙම මාරීබ් හමුදා කඳවුරේදී ඝාතනය වූයේ හොයුති සටන්කාමීන් විසින් එල්ල කරන ලද මිසයිල ප්රහාරයක් හේතුවෙනි.
එම ප්රහාරයට ප්රතිචාර වශයෙන් ප්රහාරක යානා යොදාගනිමින් හොයුතු සටන්කාමීන්ගේ ඉලක්ක වෙතද ප්රහාරයක් එල්ල කර තිබුණි.