මධ්‍යම යේමනයේදී අල්-කයිඩා ත්රස්තයන් ඉලක්ක කරමින් ඇමෙරිකානු කොමාන්ඩෝ භටයන් සිදුකළ ප්‍රහාරයකින් ත්රස්තයන් 14 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.
නව ජනපති ට්‍රම්ප් පාලනයේ නියෝගයට අනුව සිදුවූ මෙම මෙහෙයුමේදී ඇමෙරිකානු කොමාන්ඩෝ භටයෙකුද ජීවිතක්ෂයට පත්ව ඇති බව විදෙස් වාර්තා පවසයි.
අල්-බයිඩා පළාතේදී සිදුවූ මෙම මෙහෙයුම සඳහා අපාචේ හෙලිකොප්ටර් යානා කිහිපයක් යොදාගෙන තිබේ.
මෙම ප්‍රහාරයෙන් අල්-කයිඩා නායකයන් තිදෙනෙකුද ජීවිතක්ෂයට පත්ව ඇති අතර, ප්‍රහාරය විනාඩි 45ක පමණ කාලයක් සිදුව ඇති බව විදෙස් වාර්තා පෙන්වා දෙයි.
යේමනය තුළ ඇතැම් අවස්ථාවල ඇමෙරිකානු ඩ්‍රෝන ප්‍රහාර සිදුවුවත් මේ ආකාරයේ කොමාන්ඩෝ ප්‍රහාරයක් සිදුවීම විශේෂත්වයක් වන අතර, ඇමෙරිකානු නව නායකයා ත්‍රස්තවාදය මුලිනුපුටා දැමීම සඳහා වඩාත් යුහුසුළුව ඇති බව ප්‍රකට වන බවද විදෙස් වාර්තා වැඩිදුරටත් පෙන්වා දෙයි.