යේමනය එල්ල කළ මිසයිලය - සෞදියෙන් ඉරානයට චෝදනා
සෘජු හමුදාමය ක්‍රියාමාර්ගයකට ඉඩහසර ඇති කරමින් යේමනයේ කැරලිකරුවන්ට මිසයිල සැපයුවේ යැයි සෞදි අරාබියේ ඔටුන්න හිමි මොහොමඩ් බින් සල්මාන් කුමරු ඉරානයට චෝදනා කරයි.
ඔටුන්න හිමි සල්මාන් කුමරු මෙම අදහස් දක්වා ඇත්තේ බ්‍රිතාන්‍ය විදේශ ලේකම් බොරිස් ජොන්සන් මහතා සමග සිදුකළ දුරකථන සංවාදයකදීය. එමෙන්ම, මෙය යුදමය ක්‍රියාවක් ලෙස සැලකිය හැකි බවද හෙතෙම පෙන්වා දී තිබේ.
පසුගිය සෙනසුරාදා දිනයේදී මෙම බැලස්ටික් මිසයිලය සෞදිය වෙත එල්ල කෙරුණත්, එරට රියාද් අගනගරයට ආසන්නයේදී එය සාර්ථක ලෙස විනාශ කිරීමට සෞදි ආරක්ෂක අංශ සමත් විය.
මේ අතර, සෞදියේ ආනුභාවය ලබන යේමනයේ සන්ධාන රජයට එරෙහිව සටන් වදින හොයුතු සටන්කරුවන්ට ආයුද සපයන්නේ යැයි ඉරානය වෙත එල්ල වන චෝදනා ඉරාන රජය තරයේ ප්‍රතික්ෂේප කරයි.
කෙසේ වෙතත්, සෞදි අරාබියේ ආක්රමණකාරී මෙහෙයුම් මෙන්ම, කලාපීය වශයෙන් සිදුකරන අයුතු බලපෑම් මැදපෙරදිග සාමයට බලවත් තර්ජනයක් බව ඉරාන විදේශ අමාත්‍ය මොහොමඩ් ජවාඩ් සරීෆ් මෑතකදී සඳහන් කර තිබුණි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.




