යුරෝපය තුළ ඇමෙරිකානු හමුදා යෙදවීම වෙනුවෙන් වූ වැඩපිළිවෙළකට ඇ.ඩො.බිලියනයක අරමුදලක් පිහිටුවන බව පෝලන්තයේ සංචාරයක නිරත ඇමෙරිකානු ජනාධිපති බරැක් ඔබාමා පවසා සිටියේය.
යුක්රේන අර්බුදය සම්බන්ධයෙන් අදහස් දක්වමින් ඔබාමා පවසා ඇත්තේ ඇමෙරිකානු හිතවාදී යුරෝපීයයන්ගේ ආරක්ෂාව නොකෙලෙසිය යුතු බවයි.
පසුගිය අප්‍රේල් මාසයේදී පෝලන්තය වෙත ඇමෙරිකානු සෙබලු 150 දෙනෙකු පිටත් කර හැරීමට ඔබාමා කළේ රුසියානු කුපිත කිරීම් හමුවේ යුද අභ්‍යාසවල යෙදීම සඳහාය.
මෙම සංචාරය අතරවාරයේදී ඔබාමා බෙල්ජියම හා ප්‍රංශය වෙතද පැමිණෙන බව කියැවෙයි.
මේ අතර, නේටෝ ආරක්ෂක අමාත්‍යවරුන් බ්‍රසල්ස් නගරයේදී රැස් වෙමින් යුක්රේනයේ සිදුවන රුසියානු ආක්‍රමණය සම්බන්ධයෙන් දීර්ඝ කාලීන ආරක්ෂක වැඩපිළිවෙළක් වෙත යෑමට සූදානමින් සිටියි.