ඇමෙරිකාවේ ටෙන්සී හිදී හමුදා සාමාජිකයන් පස් දෙනෙකු ඝාතනය කළ සැකකරු ප්රහාරයට පෙර යුද්ධය ආරම්භ කළා යනුවෙන් කෙටි පණිවුඩයක් යවා ඇති බව පොලීසිය පවසයි.
මොහොමඩ් යූසුෆ් අබ්දුල්අසීස් නමින් හඳුනාගෙන ඇති මොහු මැදපෙරදිග සටන්වලට එරෙහිව නිතර කතා කළ අයෙකු බව හඳුනාගෙන තිබේ.
කෙසේ වෙතත් ඔහු මෙවැනි ප්රහාරයකට පෙළඹීම සම්න්ධයෙන් තවදුරටත් පරීක්ෂණ සිදුකෙරන බවද පොලීසිය කියයි.
මෙම ප්රහාරයෙන් ඇමෙරිකානු මෙරීන් භටයන් පස් සිව් දෙනෙකු ජීවිතක්ෂයට පත්වූ අතර, තවත් නාවුක භටයෙකු බරපතල තුවාල ලබා රෝහල්ගතව සිටියදී පසුව මිය ගියේය.
මේ අතර, පසුව පොලීසිය සමග සිදුකළ වෙඩි හුවමාරුවේදී මෙම ඝාතකයාද ජීවිතක්ෂයට පත්ව තිබේ.