උතුරු කොරියාව දිගුදුර බැලස්ටික් මිසයිලයක් අත්හදා බැලීමෙන් සති කිහිපයකට පසුව දකුණු හා උතුරු කොරියානු රාජ්‍යයන් අතර ආරක්ෂාව සම්බන්ධයෙන් සාකච්ඡාවක් පැවැත්වීමට දකුණු කොරියාවෙන් ඉල්ලීමක් ලැබී තිබේ.
මෙම සාකච්ඡාව ඉදිරියට ගියහොත් වර්ෂ 2015 න් පසුව දෙරට අතර ඇතිවන ඉහළ මට්ටමේ සාකච්ඡාවක් ලෙස මෙය සැලකෙනු ඇත.
කොරියානු අර්ධද්වීපයේ උණුසුම් තත්ත්වයක් ඇති කෙරෙන සියලු ආකාරයේ හමුදාමය ක්‍රියාකාරකම්වලට තිත තැබීම මෙම සාකච්ඡාවේ මුඛ්‍ය පරමාර්ථය වනු ඇති බව දකුණු කොරියානු ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු පවසා තිබේ.
දකුණු කොරියාවේ නව ජනපති මූන් ජේඉන් ආරම්භයේ සිටම පවසා සිටියේ තමන් උතුරු කොරියාව සමග සමීප සම්බන්ධතා පැවැත්වීමේ බලාපොරොත්තුවෙන් පසුවන බවයි.
කෙසේ වෙතත්, දකුණු කොරියාව විසින් ඉදිරිපත් කර ඇති මෙම ඉල්ලීමට මෙතෙක් උතුරු කොරියාව ප්‍රතිචාර නොදක්වා ඇති බවද විදෙස් වාර්තා පවසයි.