යුක්රේනයේ රුසියානු තානාපති කාර්යාලය ඉදිරිපිට දැවැන්ත විරෝධතාවක්
රුසියාවට විරෝධය පාමින් යුක්රේනයේ කිව් අගනුවර රුසියානු තානාපති කාර්යාලය ඉදිරිපිට යුක්රේන ජාතිකයන් විසින් පැවැත්වූ විරෝධතාවයෙන් රුසියාව කෝප වී ඇති බව විදෙස් පුවත් සේවා පවසයි.
තානාපති කාර්යාලයේ ජනෙල් වීදුරු බිඳිමින්, අසල තිබූ මෝටර් රථ පෙරළමින් ඉතා ප්රචණ්ඩකාරී ලෙස පැවති විරෝධතාව මැඩපැවැත්වීම සඳහා යුක්රේන පොලීසිය කිසිවක් නොකළ බවට රුසියාව චෝදනා කරයි.
මේ අතර, පසුගියදා යුක්රේනය විසින් අනාවරණය කළ පරිදි යුක්රේනය තුළට රුසියානු යුද ටැංකි ගමන් කිරීම තහවුරු කරන දසුන් කිහිපයක් නේටෝ සංවිධානය විසින්ද තහවුරු කරගෙන ඉදිරිපත් කර තිබේ.
නමුත්, රුසියාව දිගින් දිගටම කියා සිටින්නේ කැරලිකරුවන්ගේ සහායට කිසිදු යුද ටැංකියක් මොස්කව් පාලනය විසින් නොඑවූ බවයි.
මෙම යුද ටැංකිවල යුක්රේනයේ නිෂ්පාදිත ඒවා බවට කිසිදු සලකුළක් නොමැති බව පවසන නේටෝව, එකී තත්ත්වය තුළ නැගෙනහිර යුරෝපයේ ක්රියාකලාපය වෙනුවෙන් රුසියාවේ අතපෙවීමක් පිළිබඳ ප්රශ්න මතු කරන බවද කියයි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

