නිරිතදිග යුක්රේනයේ ඔඩෙස්සා හි රුසියානු හිතවාදී සටන්කාමීන් හා යුක්රේන රජයේ හිතවාදීන් අංශ අතර ඇතිවූ ගැටුමකින් රජයේ ගොඩනැගිල්ලක් ගිනිගෙන පුද්ගලයන් 31ක් පමණ ජීවිතක්ෂයට පත්ව ඇති බව එරට අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශය පවසයි.
බලධාරීන් පෙන්වාදෙන පරිදි ගින්නට අසුවීමෙන් හා දුම් ආග්‍රහණයෙන් ඇතමෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බවයි. තවත් අය ගොඩනැගිල්ලෙන් බිමට පැනීම හේතුවෙන් ජීවිතක්ෂයට පත්ව ඇති බව කියැවෙයි.
මීට පෙර යුක්රේන අන්තර්වාර ජනාධිපතිවරයා පවසා සිටියේ ස්ලෝවියාන්ස්ක් හිදී යුක්රේන හමුදාව විසින් දියත්කළ මෙහෙයුමකදී රුසියානු හිතවාදී සටන්කාමීන් රැසක් ජීවිතක්ෂයට පත්වූ බවයි.
මේ සමග තත්ත්වය තවදුටරත් උග්‍ර අතට හැරුණු අතර, රුසියානු හිතවාදී සටන්කාමීන් තව තවත් රජයේ ගොඩනැගිලි අත්පත් කරගැනීමට පෙළඹී ඇති බව පැවසෙයි.