යුක්රේන දේශසීමා ආරක්ෂකයන්ට රුසියානු හිතවාදීන්ගෙන් ප්‍රහාරයක්
- 2 06 2014
- 21:36
- {{hitsCtrl.values.hits}} views
- නරේන් විශ්වජිත්
නැගෙනහිර යුක්රේනයේ සිටින සිය ගණනක් වූ රුසියානු හිතවාදී සටන්කාමීන් දේශසීමා ආරක්ෂකයන්ගේ මධ්‍යස්ථානය වෙත දිගින් දිගටම ප්‍රහාර එල්ල කරන බව වාර්තා වෙයි.
ඒ අනුව, ලුහාන්ස්ක් නගරය ආසන්නයේ සිදුවූ වෙඩි තැබීම්වලින් සටන්කාමීන් පස් දෙනෙකු මියගොස් ඇති බවත්, යුක්රේන දේශසීමා ආරක්ෂකයන් හත් දෙනෙකු තුවාල ලබා ඇති බවත් පැවසෙයි.
මේ අතර ප්‍රහාරය මැඩපැවැත්වීම සඳහා යුක්රේන ගුවන් හමුදා හෙලිකොප්ටර් යානයක්ද ප්‍රදේශය වෙත එවා තිබේ.
මීට සති කිහිපයකට පෙර සටන්කාමීන් විසින් අත්පත් කරගත් ලුහාන්ක්ස් හි ප්‍රධාන ගොඩනැගිල්ලක දැවැන්ත පිපිරීමක්ද මේ වනවිට වාර්තා වී තිබේ.
මෙම පිපිරීමෙන් සිදුවූ හානිය පිළිබඳ පැහැදිලි තොරතුරක් වාර්තා නොවූවද, නිල නොලත් ආරංචි මාර්ග පෙන්වා දෙන්නේ ඉන් විශාල පිරිසක් තුවාල ලබා ඇති බවයි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

