නැගෙනහිර යුක්රේනයේ ක්‍රියාත්මක රුසියානු හිතවාදී කැරලිකරුවන් බලහත්කාරයෙන් ඉඩම් අත්පත් කරගන්නා බව ඇමෙරිකානු රාජ්‍ය ලේකම් ජෝන් කෙරී චෝදනා කරයි.
දැනට පවතින සටන් විරාමය කඩ කරමින් ඔවුන් සිය පාලන ප්‍රදේශ තවදුරටත් පුළුල් කරමින් සිටින බව පෙන්වා දෙමින් රාජ්‍ය ලේකම්වරයා මෙසේ පැවසීය.
මේ අතර, යුක්රේනය චෝදනා කරන්නේ කැරලිකරුවන් අතර 9000ක පමණ රුසියානු හමුදාවක්ද සිටින බවයි. කෙසේ වෙතත් මෙම චෝදනාව රුසියාව ප්‍රතික්ෂේප කරයි.
බර්ලීනයේ පැවති සාකච්ඡාවලින් පසුව ගැටුම් අවසන් කිරීමේ අරමුණින් යුක්රේන, රුසියා, ප්‍රංශ හා ජර්මනි විදේශ අමාත්‍යවරු ඒකාබද්ධ ප්‍රකාශයක්ද නිකුත් කළේය.