ඉස්ලාමීය ලබ්ධිය අත්හැර වෙනත් ආගමක් ඇදහීමේ වරදට මරණ දඬුවමට ලක්ව සිටි සුඩාන කාන්තාවක් ජාත්‍යන්තර බලපෑම් හේතුවෙන් හිරෙන් නිදහස් කර සිටියදීත්, පසුගියදා සිය පවුලේ සාමාජිකයන් සමග ඛාර්ටුම් ගුවන් තොටුපළේදී යළි අත්අඩංගුවට ගත්තද නැවතත් නිදහස් කොට ඇති බව වාර්තා වෙයි.
මේරියෑම් ඉබ්රාහිම් ලෙස පසුගිය කාලයේදී විදෙස් මාධ්‍යවල විශේෂයෙන් කතාබහට ලක්වූ මේ කාන්තාවගේ නීතීඥයා පවසන්නේ මේ වනවිට ඇය සිය සැමියා සමග ඇමෙරිකානු තානාපති කාර්යාලයේ සිටින බවයි.
ඇයව මෙවර අත්අඩංගුවට ගෙන තිබුනේ නිවැරදි ගුවන් ගමන් බලපත්‍රයක් නොමැති බව පවසමිනි.
කෙසේ වෙතත් සිය ලබ්ධිය සම්බන්ධව ඇය වෙනුවෙන් ගොනුකර තිබූ නඩුවේදී, ඇයට මරණ දඬුවම නියම කිරීම විවිධ පාර්ශ්වවල විවේචනයට ලක්වීම හේතුවෙන්ම ඇයට මේ ආකාරයෙන් නිදහස හිමිවීමට බලපෑමක් ඇති කර තිබුණි.
මුලින් පසුගිය 23 වැනිදා හිරෙන් නිදහස් වූ ඇය සිය ස්වාමියා වූ ඩැනියෙල් වානි හා දරු දෙදෙනා සමග ගුවන් තොටුපළේ සිටියදී 40 කගෙන් පමණ සමන්විත ආරක්ෂකයින් පිරිසක් ඔවුන් අත්අඩංගුවට ගෙන තිබුනේ 24 වැනිදාය.