ඇමෙරිකාවට ඇතුළුවන පුද්ගලයන් සම්බන්ධයෙන් වඩාත් සුපරික්ෂාකාරී වන ලෙසත්, විනිසුරු තීරණය නිසා යමක් සිදු වුවහොත් එහි වගකීම අධිකරණය භාරගත යුතු බවත් ඇමෙරිකානු ජනපති ඩොනල්ඩ් ට්රම්ප් අවධාරණය කරයි.
මුස්ලිම් ජාතිකයන් බහුතරයක් වෙසෙන රටවල් 7කින් ඇමෙරිකාව වෙත සංක්රමණිකයන් පැමිණීම වළක්වමින් ජනපති ට්රම්ප් විසින් ගනු ලැබූ විධායක නියෝගය අත්හිටුවීමට සියෙටල් ප්රාන්තයේ ෆෙඩරල් අධිකරණ විනිසුරු පසුගිය සිකුරාදා ක්රියා කිරීමට ප්රතිචාර දක්වමින් හෙතෙම මෙසේ පවසා තිබේ.
එහිදී, මෙම විධායක නියෝගය අත්හිටුවීමට විනිසුරුවරයා ක්රියාකිරීම තරයේ විවේචනය කර ඇති ට්රම්ප්, එම තීන්දුව නිසා යමක් සිදුවුවහොත් එය දෝෂාරෝපණය අධිකරණය වෙත එල්ලවිය යුතු බවද අවධාරණය කර තිබේ.
මේ අතර, ඇමෙරිකාවේ සියලු දේශසීමා හරහා රටට ඇතුළුවන පුද්ගලයන් සම්බන්ධයෙන් දැඩි සෝදිසියක් හා සුපරික්ෂාකාරී බවක් දක්වන ලෙසද ට්රම්ප් අදාළ නිලධාරීන් වෙත උපදෙස් ලබාදී ඇති බවද විදෙස් වාර්තා පවසයි.
කෙසේ වෙතත්, මෙම අධිකරණ නියෝගයත් සමග අදාළ නඩුව සම්පූර්ණයෙන් අසා නිමා වන තෙක් ඇමෙරිකානු වීසා බලපත්ර හිමි ඉරාකය, සිරියාව, ලිබියාව, සෝමාලියාව, සුඩානය, ඉරානය හා යේමනය යන රටවල ජනතාවට තවදුරටත් ඇමෙරිකාවට ඇතුළු වීමට අවස්ථාව හිමි වී තිබේ.
මේ අතර, අදාළ නියෝගය යළි ගෙනඒමට එරට අධිකරණ දෙපාර්තමේන්තුව අභියාචනා උසාවියට ගෙනෙන ලද ඇපැලද නිෂ්ප්රභ විය.