දකුණු අප්‍රිකාවේ දිය රළ මත ලිස්සා යෑමේ සර්ෆින් තරගාවලියකදී මෝරෙකුගේ පහරදීමකින් ඔස්ට්‍රේලියානු ජාතික සර්ෆ් ශූරයෙකු අනූනවයෙන් දිවි ගලවාගෙන තිබේ.
කේප් ටවුන් හි නැගෙනහිර ජෙෆ්රි කලපුව ආශ්‍රිතව පැවති විවෘත සර්ෆින් තරගාවලියේදී මයික් ෆැනින්න් අවසන් වටයේ තරගයට මුහුණදෙමින් සිටියදී, ඔහුගේ පාදයේ යමක් පැටලෙන බව ඔහුට දැනී තිබේ.
එකනෙහිම විශාල මෝරෙකු තමාවෙත පැමිණෙන බව දුටු ඔහු වහාම සර්ෆ් බෝඩ් එක මෝරාගෙන් ආරක්ෂා වීමට ආවරණයක් ලෙස තබමින්, කෑමොර දෙමින්, වේගවත් පහරක් මෝරාගේ ශරීරය වෙත එල්ල කර ඉන් ඔබ්බට පීනාගොස් ඇත.
34 වැනි වියෙහි පසුවන මයික් ආසන්නයට මෝරා පැමිණෙන ආකාරය සජීවී පටිගත කිරීමක්ද පවතින අතර, මෙය ආශ්චර්යමත් දිවි ගලවා ගැනීමක් බව සිද්ධිය ඇසින් දුටුවෝ පවසති.