තමා බලයට පත්වීමෙන් පසුව විදෙස් නායකයන් සමග පැවැත් වූ දුරකථන සංවාදවලින් ඉතා නරක අතට හැරුණු දුරකථන සංවාදය ඔස්ට්‍රේලියානු අගමැති මැල්කම් ටර්න්බුල් සමග පැවැත්වූ සංවාදය බව ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි.
මෙම රාජ්‍ය නායකයන් දෙපොළ අතර ඇති වූ දුරකථන සංවාදය සරණාගතයන් යළි පදිංචි කිරීම සම්බන්ධයෙන් ප්‍රශ්න මතුකර ඇති බව සඳහන් වේ.
පසුව මේ සම්බන්ධයෙන් ට්විටර් පණිවුඩයක් නිකුත්කළ ට්‍රම්ප් පවසා සිටියේ, ඔබාමා පාලනය විසින් ගනුලැබූ මෙම ගනුදෙනුව මෝඩ ගනුදෙනුවක් බවයි.
"ඔබ විශ්වාස කරනවද ඒක? නීතිවිරෝධී සරණාගතයන් දහස් ගණනක් ඇමෙරිකාවට ගන්න ඔබාමා පාලනය එකඟ වෙලාලු. ඇයි? මේ මෝඩ ගනුදෙනව ගැන මා අධ්‍යයනය කළ යුතුයි" ට්‍රම්ප් සිය ට්විටර් පණිවුඩයේ වැඩිදුරටත් පවසා තිබේ.
ඔබාමා පාලනය විසින් සරණාගතයන් 1,250ක් ඇමෙරිකාවේ යළි පදිංචි කිරීම පිළිබඳව මෙම ගනුදෙනුවේදී එකඟත්වයකට පැමිණ තිබුණු අතර, ඔවුන් ඇෆ්ගනිස්තානය, ඉරාකය ආදී රටවලින් පැමිණි පිරිස්ය.