ISIS සුන්නි ඉස්ලාමීය අන්තවාදීන් විසින් අත්පත් කරගෙන සිටින මොසුල් වේල්ල දෙසට සටන් මෙහෙයවන කුර්දිස්ථාන හමුදා සාර්ථකව ඉදිරියට ඇදෙන බව වාර්තා වෙයි.
ඉරාකයේ බැග්ඩෑඩය අතුළු ප්‍රදේශ රැසකට ජලය සැපයෙන මෙම වේල්ල, යුදමය වශයෙන් ඉතා වැදගත් ස්ථානයක් ලෙස සැලකෙයි.
අන්තවාදීන්ට එරෙහිව සටන් මෙහෙයවන කුර්දි හමුදාවේ සහායට අද දිනය පුරාත් ඇමරිකානු ප්‍රහාරක යානාවල සහාය හිමිවී තිබේ.
එහිදී, අමෙරිකානු හමුදාවට අයත් නියමුවන් ඩ්‍රෝන යානා මෙන්ම, එෆ්18 ප්‍රහාරක ගුවන් යානා මෙහෙයුම් සඳහා යොදාගෙන ඇති අතර, එම ගුවන් ප්රහාරයන්ගෙන් පසුව කුර්දි හමුදාව සිය පහරදීම් අරඹා ඇත.
පෙන්ටගනය පෙන්වා දෙන්නේ, ඉස්ලාමීය අන්තවාදීණ් ප්‍රයෝජනයට ගත් වාහන 14ක් ඉලක්ක කර ප්‍රහාර එල්ල කළ බවයි. එසේ ප්‍රහාරයට ලක්වූ වාහන අතර, ඉස්ලාමීය අන්තවාදීන් අතට පත්වූ ඇමරිකානු යුද උපකරණද ඇතුළත්ය.