උතුරුදිග ඉරාකයේ, මොසුල් නගරය වෙත එල්ල වූ ගුවන් ප්‍රහාරයකින් පුද්ගලයන් 30 දෙනෙකු පමණ ජීවිතක්ෂයට පත්ව ඇති බව වාර්තා වෙයි.
මොසුල් නගරයේ බලය අත්පත් කරගෙන සිටින ISIS ඉස්ලාමීය අන්තවාදීන් විසින් තම කඳවුරක් ලෙස පවත්වාගෙන ගිය සිරමැදිරි සංකීර්ණයක් ඉලක්ක කරමින් මෙම ගුවන් ප්‍රහාරය එල්ල වී තිබේ.
මෙම ප්‍රහාරය එල්ල කිරීම සඳහා ඩ්‍රෝන යානයක් යොදාගෙන ඇති බවට විශ්වාසයක් පවතී.
ඉරාක රජයේ රූපවාහිනිය පෙන්වා දෙන පරිදි ප්‍රහාරයෙන් ඉස්ලාමීය අන්තවාදී සටන්කරුවන් 60 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.
මේ අතර, කුර්දිෂ් හමුදාවන්ද මෙම ප්‍රදේශය ඉලක්ක කරමින් ෂෙල් වෙඩි ප්‍රහාර දිගින් දිගටම එල්ල කරමින් සිට ඇති අතර. ඔවුන්ද ISIS ඉස්ලාමීය අන්තවාදීන්ට එරෙහි සටනේ නිරත වෙයි.