සෝමාලියාවේ මොගඩිෂු අගනුවර හෝටලයක සිදුවූ ප්‍රබල බෝම්බ පිපිරීමකින් පුද්ගලයන් 10 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.
මෙම ප්‍රහාරය සඳහා බෝම්බ ඇටවූ ලොරියක් යොදාගෙන ඇති අතර, නගරයේ ගුවන්තොටු පොළ ආසන්න ජසීර් හෝලටය ප්‍රහාරයට නතු වී තිබේ.
මොගඩිෂු නගරයම භීතියෙන් අලලා ගිය ප්‍රහාරයෙන් පසු ගිලන්රථ මියගිය අයගේ සිරුරු හා තුවාලකරුවන් වහා රැගෙන යාමට කටයුතු කළ බව විදෙස් මාධ්‍ය පවසයි.
සෝමාලියාවේ ක්‍රියාත්මක අල්-ෂබාබ් ඉස්ලාමීය අන්තවාදීන් මෙම ප්‍රහාරයේ වගකීම භාරගෙන තිබේ.