මෙක්සිකෝවේ ප්රබලතම මත්ද්‍රව්‍ය අධිරාජ්‍යයයා ලෙස සැලකෙන එල් චාපෝ හා කොටා යන නම්වලින් හඳුන්වන ජෝකින් ගුස්මාන් දෙවැනි වතාවටත් අධි ආරක්ෂිත සිර මැදිරියෙන් පළා ගොස් තිබේ.
නිවේදනයක් නිකුත් කරන මෙක්සිකෝවේ ජාතික ආරක්ෂක කොමිසම පෙන්වා දෙන්නේ සෙනසුරාදා රාත්‍රියේ ඇල්ටිප්ලේනෝ සිර කඳවුරේ ඔහු සිට ඇති බවයි.
ඇමෙරිකාව වෙත නීති විරෝධී මත්ද්‍රව්‍ය බෙදාහරින ප්‍රමුඛතම මත්ද්‍රව්‍ය ජාලයක් වන සිනාලෝවා හි නායකයා ලෙස කටයුතු කර ඇත්තේ මොහුය.
2014 වසරේදී මොහු අත්අඩංගුවට පත්වීම මෙක්සිකෝ රජය මහත් ජයග්‍රහණයක් ලෙස සැමරීය.
බලධාරීන් පෙන්වා දෙන්නේ ඔහුගේ සිරමැදිරිය නිරීක්ෂණයට ගිය ජේලර්වරුන් ඔහු එහි නොසිටි බව දැනුම්දීමෙන් පසු සිදුකළ සොයා බැලීම්වලදී ඔහු ඉන් පැන ගොස් ඇති බව තහවුරු වී ඇති බවයි.
ඔහු මීට පෙරද 2001 වසරේදී එරට අධි ආරක්ෂිත සිර කඳවුරකින් පැන ගිය අතර, ජේලර්වරුන්ට අල්ලස් ලබාදී රෙදි සොදන බාල්දියක බැස එවර ඔහු සිර කඳවුරෙන් එළියට පැන තිබුණි.