ඇමෙරිකාවට අයත් ගුවන් යානයක් ජපානයට ආසන්න මුහුදේදී අනතුරට පත්වීමෙන් පසුව එහි ගමන්ගත් පුද්ගලයන් 11 දෙනා බේරාගෙන තිබේ.
ගුවන් යානයේ එන්ජිමේ දෝෂයක් මෙම අනතුරට හේතු වී ඇති බව ඇමෙරිකානු ආරක්ෂක අංශ අනාවරණය කරයි.
මෙම අනතුරට මුහුණදුන් ගුවන් යානය කවර වර්ගයේ ගුවන් යානයක්ද යන්න ඇමෙරිකානු නාවික හමුදාව පවසා නොමැත. කෙසේ වෙතත්, ජපාන ආරක්ෂක අංශ සිදුකරන ආනාවරණයන්ට අනුව එය සී-2 වර්ගයේ යානයකි.
පිලිපීන මුහුදේ වූ ඇමෙරිකානු ගුවන් යානා හාරක නෞකාවක් වෙත ගමන් කරමින් තිබියදී මෙම ගුවන් යානය අනතුරට පත්ව තිබේ.
ගුවන් යානය අනතුරට පත්වීමත් සමග ඇමෙරිකානු හා ජපාන මුදාගැනීමේ කණ්ඩායම් ක්ෂණිකව ඒ වෙත ගවන් කරමින් මෙම මෙහෙයුම සිදුකර ඇති බව විදෙස් වර්තා පවසයි.