මුහුණ රතුවන විහිළුවෙන් ඉන්දීය YouTube කැළඹෙයි
ඉන්දීය ජාතික තරුණයෙකු බැංගලෝරයේදී තමා නොහඳුනන තරුණියන් වෙත ගොස්, ඔවුන් සිප ගනිමින් පසුව වහාම එම ස්ථානයෙන් දිව යන වීඩියෝවක් යූටියුබ් ජාලයට එක්වීමත් සමග එරට තුළ මහත් ආන්දෝලනයක් ඇතිවී තිබේ.
සමිත් වෙර්මා යනුවෙන් හඳුනාගෙන ඇති මෙම තරුණයා විසින්ම එම වීඩියෝව යූටියුබ් ජාලයට එක්කොට ඇති අතර, මේ වනවිට සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණයක් අරඹා ඇති දිල්ලි පොලීසිය පවසන්නේ මෙම තරුණයා නිසා අගතියට පත්වූවන් සිටින්නේ නම් වහාම පොලීසිය වෙත පැමිණිලි ඉදිරිපත් කරන ලෙසයි.
කෙසේ වෙතත්, තමා විහිළුවට මෙවැන්නක් සිදුකළ බව පවසා ඇති මෙම තරුණයා එම සිදුවීම සම්බන්ධයෙන් යූටියුබ් වීඩියෝවක් හරහාම සමාව ඉල්ලා ඇති අතර, එය තමා විසින්ම වහාම ඉන් ඉවත් කළ බවද පවසා තිබේ.
නව අවුරුදු උදාව සිදුවූ සන්ධ්‍යාවේදී බැංගලෝරයේදී මෙම වීඩියෝව සැකසී ඇති අතර, මෙය බැලූ බොහෝ දෙනෙකු ඒ පිළිබඳව ඔහු වෙත චෝදනා කර ඇත. කෙසේ වෙතත්, ඔහුගේ එම වීඩියෝව ප්‍රසිද්ධියට පත්වී සුළු කාලයක් තුළ ලක්ෂ සංඛ්‍යාත පිරිසක් එය නරඹා තිබුණි.
කිසිවෙකුට හිරිහැරයක් හෝ හිංසනයක් කිරීමේ අදහසින් නොව, සම්පූර්ණයෙන්ම විනෝදය පිණිස මෙය කළ බව මෙම තරුණයා පවසා තිබුණත්, ඉන්දීය පොලීසිය ඔහුගේ සමාව යැදීමෙන් සෑහීමකට පත්ව නොමැති බවද ඉන්දීය මාධ්‍ය පවසයි.
මේ ආකාරයේ විහිළු කිරීම් බටහිර සමාජයේ දැකිය හැකි වුවත්, ඉන්දියානු සමාජය තුළ මෙවැන්නක් තදින් ප්‍රතික්ෂේප වීමක් මෙම සිදුවීම හරහා දැකගත හැකිය.

.jpg)
.jpg)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
