1993 වසරේදී ඉන්දියාවේ මුම්බායි නගරයට බෝම්බ ප්‍රහාරයක් එල්ල කිරීම සඳහා මූල්‍යාධාර සැපයූ චූදිතයා ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඇප ඉල්ලා සිටි අවසන් අවස්ථාද අධිකරණය විසින් ඉවතදමා තිබේ.
2001 වසරේ ඉන්දීය පාර්ලිමේන්තුවට ප්‍රහාරයක් එල්ල කිරීම සම්බන්ධයෙන් චෝදනා ලබා, 2013 වසරේදී එල්ලා මාරා දැමුණු කාෂ්මීර ජාතික අෆ්සාල් ගුරුගෙන් පසු, එරට තුළ එල්ල මරා දැමීමට නියම කෙරුණු අනෙකා මෙම යකූබ් මෙමොන් ය.
ඉන්දියාවේ ආර්ථික අගනගරය ලෙස සැලකෙන මුම්බායි නුවර ප්‍රහාරයේදී පුද්ගලයන් 257 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව, තවත් 713 දෙනෙකු තුවාල ලැබීය.
ඊට මාස කිහිපයකට පෙර සිදුවූ මුස්ලිම්වරුන්ගේ කෝලාහලයකදී සිදුවූ ඝාතනයන්ට ප්‍රතිචාර දැක්වීමක් ලෙස මෙම ප්‍රහාරය මුම්බායි වෙත එල්ල කර තිබුණි.