සිම්බාබ්වේ ජනාධිපතිවරයාට ධුරයෙන් ඉවත්ව යන ලෙස පාලක සානු -පී.එෆ් පක්ෂය විසින් ලබාදුන් කාල සීමාව 20 වැනිදායින් අවසන් විය.
කෙසේ වෙතත්, එම ඉල්ලීම නොතකා හරමින් ජනාධිපතිවරයා තවදුරටත් බලයේ රැඳී සිටින බව රූපවාහිනිය ඔස්සේ ජාතිය අමතමින් කියා සිටියේය.
මේ අතර, ජනාධිපතිවරයාගේ අනාගතය පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා එම පක්ෂයේ සයිලු මන්ත්‍රීවරුන් කැඳවා තිබේ.
මේ අතර, ජනාධිපතිවරයාට එරෙහිව දෝෂාභියෝගයක් ගෙනඒම සඳහා සිය සහාය හිමිවන බවද පාලක පක්ෂය පවසා ඇති අතර, අඟහරුවාදා වනවිට ඒ සඳහා අවශ්‍ය පියවර ගැනෙනු ඇති බවද කියයි.
සිම්බාබ්වේ උප ජනාධිපතිවරයා ධුරයෙන් ඉවත් කරමින් මුගාබේ බිරිඳ බලයට ගෙනඒම සඳහා සිදුකළ ක්‍රියාදාමය සමග එරට හමුදාව එරට පාලනය සියතට ගනු ලැබීය.
එතැන් සිට නිවාස අඩස්සියේ රඳවා සිටින 93 හැවිරිදි රොබට් මුගාබේ තවමත් සිය ධුරයෙන් ඉවත්ව යෑමට සූදානමක් නොවීම තුළ මෙම දේශපාලන ව්යවුල තවදුරටත් ඇවිලෙමින් පවතී.