සිම්බාබ්වේ ජනපති රොබට් මුගාබේ වෙත ධුරයෙන් ඉල්ලා අස්වන ලෙස ඉල්ලා ජනතාවගෙන් දැවැන්ත ප්‍රතිරෝධයක් එල්ලවන අවස්ථාවේදී ඔහු එරට හමුදා ප්‍රධානීන් හමුවී සාකච්ඡා කිරීමට සූදානමින් සිටියි.
එරට රජයේ රූපවාහිනිය පවසා සිටියේ මෙම දෙපාර්ශ්වය අතර මැදිහත්වීම කතෝලික පූජකවරයෙකු විසින් සිදුකරන අතර, පසුගිය බදාදා දිනයේදී එරට හමුදාව රටේ පාලනය සියතට ගැනීමෙන් පසුව ජනපතිවරයා නිවාස අඩස්සියේ පසුවෙයි.
මේ අතර, ජනාධිපතිවරයා නියෝජනය කරන සානූ පී.එෆ් පක්ෂයද තම දීර්ඝ කාලීන නායකයා සහ පක්ෂයේ ආදිකර්තෘවරයා ධුරයෙන් ඉවත් කරන්නේද යන්න පිළිබඳ සාකච්ඡ කිරීම සඳහා රැස්වීමට නියමිත බව විදෙස් වාර්තා පවසයි.
93 වැනි වියෙහි පසුවන මුගාබේ එරට උප ජනාධිපති එමර්සන් මනන්ග්වා ධුරයෙන් ඉවත්කිරීමත් සමග සිම්බාබ්වේ හමුදාව මෙම ප්‍රශ්නයට මැදිහත් විය.
මීළඟ ජනාධිපතිවරණයේදී මුගාබේ වෙනුවෙන් ඔහුගේ බිරිඳ ග්‍රේස් මුගාබේ ඉදිරිපෙළ තරගකරුවෙකු බවට පත්කිරීම උප ජනාධිපතිවරයා ඉවත්කිරීමේ මුඛ්‍ය පරමාර්ථය විය.
1980 වසරේදී සිම්බාබ්වේ රාජ්‍යය බ්‍රිතාන්‍යයෙන් නිදහස ලැබීමෙන් පසුව එදාමෙදාතුර එරට පාලන බලයේ නියමුවා බවට රොබට් මුගාබේ පත් වුවත්, එදා ලක්ෂ ගණනින් ඔහු වෙනුවෙන් මල් මාලා පැළඳවූ පිරිස් අද ලක්ෂ ගනණින් ඔහුව ගෙදර යැවීමට වීදි බැස තිබේ.