මීළඟ ඉන්දීය ජනපති පීඩිත කුලයක අයෙක්
කුල පීඩනයෙන් වඩාත් බැටකන රාජ්‍යයක් වූ ඉන්දියාවේ මීළඟ ජනාධිපතිවරයා පීඩිත දාලිත් කුලයෙන් පත්වනු ඇති බව විදෙස් වාර්තා පවසයි.
ඒ ඉන්දියාවේ නව ජනාධිපතිවරයා තෝරාපත් කරගැනෙන ඡනද විමසීම මේ වනවිටත් ආරම්භ වී ඇති බැවිනි.
එහිදී, භාරතීය ජනතා පක්ෂය මෙන්ම, කොංග්රස් පක්ෂය නියෝජනය කරන ප්‍රධාන අපේක්ෂකයන් දෙදෙනාම පීඩිත දාලිත් කුලයෙන් පැවතෙන්නන් නිසා අනිවාර්යයෙන්ම දාලිත්වරයෙක් මෙවර ඉන්දියාවේ ජනාධිපතිවරයා වනු ඇති බව විශ්වාස කළ හැකිය.
භාරතීය ජනතා පක්ෂයේ රාම් නාත් කෝවින්ද් සහ ඉන්දීය කොංග්රස් පක්ෂයේ සහයෝගය ලබන මීරා කුමාර් එම අපේක්ෂකයන් දෙදෙනාය.
කෙසේ වෙතත්, ඉන්දීය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව ජනාධිපතිවරයා තෝරා පත්කර ගැනීම සිදුවන්නේ මහජන ඡන්දයකින් නොවන අතර, එය මධ්‍යම ආණ්ඩු පාර්ලිමේන්තුවේ මන්ත්‍රණ සභා දෙකෙහි මන්ත්‍රීවරුන්ගේ සහ ප්‍රාන්ත මන්ත්‍රී මණ්ඩල නියෝජිතයන්ද ඇතුළත් ඡන්ද පීඨයක් මගින් සිදුවෙයි.
4,896ක නියෝජිත පිරිසකගෙන් සමන්විත මෙම ඡන්ද පීඨයට ඉන්දීය ප්‍රාන්ත 29ක මහජන ඡන්දයෙන් තේරී පත්වූ මන්ත්‍රීවරුන් සහ සාංගමික ප්‍රදේශයන්හි ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලවල නියෝජිතයෝ ද ඇතුළත් වෙති.
ඉන්දියාවේ නව ජනාධිපතිවරයා මෙම මාසයේ 20 වැනිදා ප්‍රකාශයට පත්කරනු ඇති අතර, එරට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව ජනාධිපති පදවිය නිල ගෞරවයක් සහිත පදවියකි.
.jpg)
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

