මියාමි රාත්රී සමාජ ශාලාවක් මැදට අශ්වයෙකු රැගෙන පැමිණීමෙන් සිදුවූ කලබැගෑනියක් හේතුවෙන් එම සමාජ ශාලාවේ බලපත්රය අහෝසි කිරීමට ඇමෙරිකානු බලධාරීන් පියවර ගෙන තිබේ.
මොකායි ලොන්ජ් සමාජ ශාලාව වෙත තරුණියක් මෙම අසු පිටින් පැමිණ ඇති අතර, සමාජ ශාලාව මැදදී අශ්වයා කුලප්පු වීමත් සමග අසුපිට සිටි තරුණිය පැත්තකට වීසි වී තිබේ.
මේ අතර, සමාජ ශාලාව තුළ බොහෝ දෙනෙකු කෑමොර දෙමින් හිස් ලූ ලූ අත දිවගොස් ඇති අතර, තවත් පිරිසක් අශ්වයා වෙනත් පැත්තකට ගෙනයෑම සඳහා දැඩි පරිශ්රමයක යෙදී ඇත.
කෙසේ වෙතත්, මේ ආකාරයෙන් අශ්වයෙකු සමාජ ශාලාවක් තුළට රැගෙන ඒමෙන් සත්ව හිංසනයක් මෙන්ම, මහජනයාගේ ආරක්ෂාව අනතුරට පත්කිරීම යන චෝදනාවන් සමාජශාලාවට එරෙහිව ඉදිරිපත්ව තිබේ.
