මියන්මාරයට බලපා ඇති ගංවතුර තත්ත්වය ඉදිරි දින කිහිපයේදී තවදුරටත් ඉහළ යා හැකි බව එක්සත් ජාතීන්ගේ සංවිධානය අනතුරු අඟවයි.
මෝසම් වැසි ආරම්භ වීමත් එරට බටහිර පළාත් හතරක් අවදානම් කලාප ලෙස නම්කර ඇති අතර, අධික ගංවතුර තත්ත්වය හේතුවෙන් ජීවිත 27ක් බිලිගෙන තිබුණි.
කෙසේ වෙතත්, සහන කණ්ඩායම් ගංවතුරින් ප්‍රබල පීඩාවකට ලක්වූ ප්‍රදේශ වෙත මෙතෙක් ළඟා වී නොමැති බැවින්, මෙම ස්වභාවික ව්‍යසනයේ ජීවිත හානි මීට වඩා වැඩිවිය හැකි බව විදෙස් වාර්තා පවසයි.
මේ අතර, අසල්වාසී ඉන්දියාවේ නැගෙනහිර මනිපූර් වෙත බලපෑ අධික වර්ෂාවත් සමග සිදුවූ නායයෑම්වලින් ජීවිත 21ක් අහිමි වී තිබේ.