මැලේසියාවේදී අනතුරට පත් සංචාරක යාත්‍රාවේ සිටි 23 දෙනෙකු බේරාගැනීමට හැකි වී තිබේ.
මැලේසියාවේ ජාතික ආරක්ෂාව පිළිබඳ අමාත්‍ය ෂහීඩාන් කාසීම් මාධ්‍ය වෙත පවසා තිබුණේ තවත් 6 දෙනෙකු අතුරුදන්ව ඇති බවයි.
මෙම සංචාරක යාත්‍රාව පසුගිය සෙනසුරාදා මැලේසියාවට නැගෙනහිරින් මුහුදේදී අනතුරට පත්ව ඇති අතර, අයහපත් කාලගුණය හේතුවෙන් විශාල රළ පහර සමග යාත්‍රාව බිඳී ගොස් මුහුදු බත්වී ඇති බව මේ වනවිට අනාවරණය වෙයි.
මේ සමගම නාවික සැතපුම් 400ක ප්‍රදේශයක් පුරා ගුවන් හා නාවික මුදාගැනීමේ මෙහෙයුම් ආරම්භ කළ අතර, මෙහි ගමන්ගත් වැඩි පිරිස චීන සංචාරකයන් වූ නිසා චීන ජනපති ෂී ජින්පින් මෙහෙයුම් කඩිනම් කරන ලෙස මැලේසියාවට නියෝග කර තිබූ බවද විදෙස් වාර්තා පවසයි.
යාත්‍රාව අනතුරට පත්වන අවස්ථාවේදී එහි ගමන්ගත් 31 දෙනා ඇතුළු කාර්ය මණ්ඩලයේ තිදෙනෙකු එහි ගමන්කළ බව බලධාරීහු පවසති.
යාත්‍රාවේ කාර්ය මණ්ඩලයේ දෙදෙනෙකු සඳුදා උදෑසන එම මුහුදු සීමාවට ආසන්න දූපතකදී හමුවී ඇති අතර, බෝට්ටුව අනතුරට පත්වීමෙන් පසුව ඔවුන් පිහිනා එම ස්ථානයට පැමිණ තිබේ.
එමෙන්ම, එහි සිටි සංචාරකයන් 18 දෙනෙකු ධීවරයන් විසින් බේරාගෙන තිබූ අතර, තවත් පස් දෙනෙකු ටග් යාත්‍රාවක් විසින් බේරාගෙන තිබුණි.
කෙසේ වෙතත්, අතුරුදන් සෙසු පිරිස සොයා මේ වනවිට ගුවන් හා නාවුක මෙහෙයුම් සිදුවන බව මැලේසියානු අගමැතිවරයාද අවධාරණය කර තිබේ.