දින තුනක මැදපෙරදිග සංචාරය ආරම්භ කරමින්පාප් වහන්සේ ජෝර්දානය වෙත පැමිණීමට නියමිතය.
පළමු වැනි ෆ්‍රැන්සිස් පාප් වහන්සේ මෙම සංචාරයේදී ඊශ්‍රායලයේ මෙන්ම පලස්තීනයේද සංචාරය කිරීමට නියමිතය.
අම්මාන් වෙත ගමන් කරන පාප් වහන්සේ එහි ක්‍රීඩාංගණයක පැවැත්වෙන දැවැන්ත දේව මෙහෙයකට සහභාගි වන අතර, පසුව සිරියානු සරණාගතයන් මුණ ගැසීමටද නියමිතය.
පාප් වහන්සේගේ මෙම සංචාරයේ නිල අරමුණ නම්, ඕර්තඩොක්ස් පල්ලිය සමග පවතින සබඳතා වර්ධනය කරගැනීම බව පැවසෙයි.
කෙසේ වෙතත් තම සංචාරය හරහා කලාපයේ පවතින උණුසුම්කාරී වටපිටාව සමනය කිරීමේ බලාපොරොත්තුවක්ද පාප් වහන්සෙ තුළ පවතින බව විශ්ලේෂකයෝ පෙන්වා දෙති.
මෙම සංචාරයට පාප් වහන්සේ ජන්ම ලාභය ලැබූ ආර්ජන්ටිනාවේ මිතුරන් දෙදෙනෙකුද සම්බන්ධ වන අතර, ඔවුන් අබ්බී හා ඉමාම් නම් වෙති. මේ හරහා කලාපයේ ක්‍රිස්තියාන, මුස්ලිම් හා යුදෙව් වඩා වර්ධනය කිරීමද පාප් වහන්සේගේ බලාපොරොත්තුවක් බව කියැවෙයි.