මානූස් දූපතේ රැඳවුම් කඳවුරෙන් තමන් බලහත්කාරයෙන් එළියට දමනු ඇති බව එහි සිටින සරණාගතයන් සහ සංක්‍රමණිකයන් බියෙන් පසුවන බව විදෙස් වාර්තා පවසයි.
ඔස්ට්‍රේලියාව විසින් එරටට බෝට්ටු මගින් පැමිණෙන අනවසර සංක්‍රමණිකයන් සහ සරණාගතයන් රැඳවීම සඳහා පැපුවා නිව් ගිනියාව කේන්ද්‍ර කරගනිමින් මෙම කඳවුරු ඇති කරන ලදී.
කෙසේ වෙතත්, පසුව ඒවාට අවශ්‍ය පහසුකම් සැලසීම ඔස්ට්‍රේලියාව අත්හැරීමත් සමග මෙම රාජ්‍යයන් විසින් ඒවා වසා දැමීමට පියවර ගනු ලැබූවේ එරට අධිකරණ විසින්ද මෙම කඳවුරු වසා දමන ලෙස දැන්වීමත් සමගිනි.
කෙසේ වෙතත්, එහි සිටි විශාල පිරිසක් වෙනත් රැඳවුම් කඳවුරු වෙත මාරුකර යැවුණත්, තවත් 400ක් පමණ පිරිස එහි රැඳී සිටින බව කියැවෙයි.
නමුත්, ඔවුන්ට අවශ්‍ය ආහාර, ජලය මෙන්ම විදුලියද කපා දමා ඇති අතර, බොහෝ පිරිසක් පවසන්නේ තමන් කඳවුර තුළම මියැදෙනු ඇති බවයි.
නමුත්, මෙම කඳවුරෙන් අද දිනය වනවිට ඉවත්වන ලෙස ඔවුන්ට දන්වා තිබුණු අතර, එසේ නොමැති වුවහොත් එම පිරිස් බලහත්කාරයෙන් ඉවත්කිරීමක් සිදුවනු ඇති බවද විශ්වාස කෙරෙයි.
මෙම අර්බුදය විසඳීමට ඔස්ට්‍රේලියාව සාධාරණ පිළිතුරක් ලබා නොදෙන බව රැඳවුම් මධ්‍යස්ථානයේ සිටින අයගේ මෙන්ම, ඔවුන් වෙනුවෙන් කටයුතු කරන සංවිධානවල මතය වී තිබේ.