අත්හැර දමනලද පේෂ කර්මාන්ත ශාලාවක ඡායාරූප ගනිමින් සිටියදී සමූහ දූෂණයකට ලක්වූ ඉන්දීය ජාතික මාධ්‍යවේදිනියට ලිංගික අතවර කිරීම සම්බන්ධයෙන් පුද්ගලයන් හතර දෙනෙකු වැරදිකරුවන් කිරීමට ඊයේ (20දා) මුම්බායි අධිකරණය තීරණය කළේය.
24 හැවිරිදි මාධ්‍යවේදිනිය අත්හැර දමන ලද පේෂ කර්මාන්තශාලාවක ඡායාරූප ගනිමින් සිටියදී ඇය අතවරයට ලක්වූ බව උදාවියේදී හෙළි විය.
කෙසේ වෙතත් ඒ අවස්ථාවේදී ඇය සමග තවත් පිරිමි සගයෙකු සිටියත්, පෙර කී පුද්ගලයන් ඔහු බැඳ පහර දීමකට ලක්කර ඇති බවද නඩු විභාගයේදී අනාවරණය විය.
වැරදිකරුවන් කරනු ලැබූ පුද්ගලයින් හතර දෙනාට අද (21දා) දඬුවම් කිරීමට නියමිත අතර, චෝදනා ලබා තිබෙන තවත් බාලවස්කාරයෙකුට එරෙහි නඩු විභාගය බාල අපරාධ අධිකරණයක විභාග වෙමින් පවතින බවද ඉන්දියාවෙන් වාර්තා වෙයි.
මීටත් වඩා දරුණු සිදුවීමක් පසුගිය වසරේ නවදිල්ලියේදී බස් රථයක ගමන් කළ වෛද්‍ය ශිෂ්‍යාවක් සමූහ ලිංගික අතවර කිරීමකට ලක්වීම දැක්විය හැකි අතර, එම ම්ලේච්ඡ ක්‍රියාව හෙළා දකිමින් දැඩි ජනතා ප්‍රතිචාර පලවූ අකාරයටම මෙම සිදුවීම සම්බන්ධයෙනුත් ජනතා ප්‍රතිචාර පළ වීම තුළ මෙම නඩුව විභාගයට ගැනීම වේගවත් වූ බවද මාධ්‍ය වැඩිදුරටත් පෙන්වා දෙයි.