චීනයේ තාක්ෂණික සමුළුවක් අතරතුර වර්තමාන චීනයේ නිර්මාතෘවරයා ලෙස සැලකෙන මාඕ සේතුං ලෙස හැඳ පැළඳගත් අයෙකු, ඒ ආකාරයේම කතාවක් පවත්වමින් සිදුකළ රංගනය ගැන චීන සමාජජාල මාධ්‍ය තුළ දැඩි විවේචනයකට ලක්වෙමින් තිබේ.
වර්තමානයේ ප්‍රකට තාක්ෂණයක් ලෙස සැලකෙන බ්ලොක්චේන් තාක්ෂණය සම්බන්ධයෙන් වූ බාඕ බ්ලොක්චේන් ආසියානු තාක්ෂණික සමුළුව අතරතුර මෙම සිදුවීම වාර්තා වී ඇත.
ෂූ ගුඕෂියෑන්ග් නම් අයෙකු මේ ආකාරයෙන් මාඕ සේතුං වෙත යළි පණ ලබාදී ඇති අතර, මාඕටම ආවේණික අළු පැහැ වර්ණයෙන් යුතු කබාය මෙන්ම, හුනාන් භාෂා විලාසය මෙහිදී මෙම රංගන ශිල්පියා විසින් ප්‍රකට කර තිබේ.
කෙසේ වෙතත්, චීන නීතිය අනුව එරට දේශපාලන පක්ෂ නායකයෙකුගේ ඡායාරූපයක් හෝ නමක් වාණිජ අරමුණින් සිදුකරන වෙළෙඳ ප්රචාරක කටයුතු සඳහා යොදාගැනීම සපුරා තහනම් වෙයි.
ඒ අනුව, මෙම සමුළුව සංවිධානය කළ අයට ඒ වෙනුවෙන් සමාව ගන්නා ලෙස බල කිරීම් සිදුව තිබේ.