මළ සිරුරුවලින් අනවසරයෙන් අවයව ඉවත්කර ගැනීමේ ජාවාරමක් බ්‍රසීලයේ ප්‍රකට වෛද්‍ය විද්‍යාලයකින් අනාවරණය වී ඇති බව විදෙස් පුවත් සේවා පවසයි.
සාඕ පෝලෝ නගරයේ ප්‍රකට වෛද්‍ය විද්‍යාලයකින් මෙවැනි කරුණක් පිළිබඳ වාර්තා වීමෙන් බොහෝ දෙනෙකු විමතියට පත්ව ඇති අතර, ඒ සම්බන්ධයෙන් නගරයේ නීති නිලධාරීන් විසින් පරීක්ෂණ අරඹා ඇති බවද කියැවෙයි.
එම ජාවාරමේදී සෑම මළ සිරුරකින්ම අවයව ඉවත් කර නොගත්තත්, මළ සිරුරු හඳුනා ගැනීමට පවුලේ ඥාතීන් ඉදිරිපත් නොවන මළ සිරුරුවලින් මෙලෙස අවයව ඉවත් කරගෙන ඉහළ මිල ගණන්වලට විකුණා ඇති බව කියැවෙයි.
පරීක්ෂණ මෙහෙයවන්නන් පෙන්වා දෙන්නේ පසුගිය වසර 15ක කාලය තුළ බ්‍රසීලයෙන් මෙවැනි සිදුවීම් 3,000කට අධික සංඛ්‍යාවක් වාර්තා වී ඇති බවයි. කෙසේ වෙතත් මේ ආකාරයෙන් මිනිස් අවයව විකිණීම බ්‍රසීලයේ දඬුවම් ලැබිය හැකි වරක් බවද කියැවෙයි.
ඒ අනුව, සාඕ පෝලෝ සරසවියේ වෛද්‍ය පීඨය විසින් පවත්වාගෙන යනු ලබන මරණ පරීක්ෂණ අංශය මෙහිදී චෝදනා ලැබ තිබුණත්, ඔවුන් පවසන්නේ තමන් එවැනි වරදක් සිදුකර නොමැති බවයි.