ඔස්ට්‍රේලියාවේ මහා බාධක කොරල් පරය අන්තරාදායක තත්ත්වයට පත්ව ඇති ලෝක උරුම කලාපයක් ලෙස නම් කරන බවට යුනෙස්කෝ සංවිධානය අනතුරු ඇඟවීමක් සිදුකර ඇති බව වාර්තා වෙයි.
කෙසේ වෙතත් ඔස්ට්‍රේලියාවේ නිර්මාණය වන ලෝකයේ විශාලතම ගල් අඟුරු වරායක් සඳහා අවසර දීම හේතුවෙන් මෙම කොරල් පරය සම්පූර්ණයෙන් වැසීයාමට හෝ ගල් අඟුරු විසවිමට ඉඩකඩ පවතින බව කියැවෙයි.
යුනෙස්කෝව පෙන්වා දෙන්නේ සලකිය යුතු බලපෑමක් කොරල් පරයට ඇති වී තිබෙන බවත්, එය අන්තරාදායක තත්ත්වයට පත්ව ඇති ලෝක උරුම කලාපයක් ලෙස නම් කළ යුතු බවත්ය.
ඉතා පොහොසත් සාගර ජීවී පරිසරයක් පවතින ලෝකයේ විශාලතම කොරල් පරය ලෙස සැලකෙන මහා බාධක කොරල් පරය, ඔස්ට්‍රේලියාවට නැගෙනහිර මුහුදේ කිලෝමීටර් 2,600ක් දුරට විහිදෙයි.