මැලේසියානු ජනතාව විසින් එරට නව නායකයා ලෙස 92 හැවිරිදි කෘතහස්ත දේශපාලඥයෙකු යළි බලයට රැගෙන ඒවි යැයි විශ්වාස කෙරෙන මහ මැතිවරණය ඇරඹෙයි.
ඒ අනුව, වත්මන් විරුද්ධ පක්ෂ නායකයා ලෙස ක්රියා කරන හිටපු අගමැති මහතීර් මොහොමඩ්, වත්මන් අගමැති නජීබ් රසාක්ගේ පාලක බාරිසන් නැෂනල් (බී.එන්.)ලීගය සමග තරගයට පිවිසෙනු ඇත.
කෙසේ වෙතත්, මෙවර මැතිවරණයෙන් විරුද්ධ පක්ෂය ජයග්රහණය කළහොත් එය වඩාත් සුවිශේෂී තත්ත්වයක් වන්නේ මැලේසියාවේ පාලක බී.එන්. ලීගය වසර 61ක කාලයක් මැලේසියවේ පාලන බලය හොබවන බැවිනි.
නමුත්, මෙවර මැතිවරණය නිදහස් හෝ සාධාරණ මැතිවරණයක් නොවනු ඇති බවටද චෝදනා එල්ල විය.
නිදහසින් පසුව මැලේසියාවේ බී.එන්. ලීගය සහ එහි ප්රධාන පක්ෂය වන එක්සත් මැලේ ජාතික සංවිධාන පක්ෂය එරට පාලන බලය හා බහුතර බලයක් සහිත දේශපාලන ප්රවාහය ලෙස කරළියේ සිටියත්, මේ වනවිට ඔවුන්ගේ ජනප්රියත්වය ක්රමයෙන් හීනවෙමින් පවතී.
2013 වසරේ පැවති අවසන් මැතිවණයේදී විරුද්ධ පක්ෂ බලාපොරොත්තු නොවූ ජයග්රහණ අත්කර ගත්තේද එබැවිනි.
කෙසේ වෙතත්, මෙවර මැතිවරණයෙන් මැලේසියාවේ දීර්ඝ කාලයක් අගමැති ධුරය හෙබවූ මහතීර් මොහොමඩ් ඔහු මෙතෙක් කලක් රැඳී සිටි බී.එන්.ලීගය අත්හැර විරුද්ධ පක්ෂ සන්ධානය වන පාකටන් හාරපන් පක්ෂය හරහා තරග බිමට පිවිස සිටී.