මස් පිණිස විදෙස් රටවලට යැවීම සඳහා සූදානම් කර තිබූ මිරිදිය කැස්බෑවුන් 6,000ක් සහ එම ජාවාරමට සම්බන්ධ පුද්ගලයෙකු අත්අඩංගුවට ගැනීමට ඉන්දියාව කටයුතු කර තිබේ.
උත්තර් ප්‍රදේශ් හි, කොල්කටාවට ආසන්න දේශසීමාවේදී මෙම සතුන් අත්අඩංගුවට පත්ව ඇති අතර, එම අවස්ථාවේදී උන් ගෝනිවල බහා තිබූ බවත්, එහි සමස්ත බර ටොන් 4ක් පමණ වන බවත් පොලීසිය පවසයි.
මෙය ඉන්දීය ඉතිහාසයේ මේ ආකාරයෙන් සිදුවූ විශාලතම ජාවාරම නීතියේ රැහැනට හසුවීමක් ලෙස එරට මාධ්‍ය පවසයි. සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට පුද්ගලයෙකුද අත්අඩංගුවට පුද්ගලයාගෙන් දිගින් දිගටම ප්‍රශ්න කරමින් මෙහි සුලමුල සොයාගන්නා බවද ආරක්ෂක අංශ පවසා තිබේ.
මෙම සතුන් අග්නිදිග ආසියානු රටවලට ගෙනයෑමට සැලසුම් වී තිබූ බවද අනාවරණය වේ.