මවගේ සතුට වෙනුවෙන් දියණියක වූ චීන පුතෙක්
මානසික රෝගයකින් පීඩා විඳින මව සැනසීම වෙනුවෙන් ඇගේ මියගිය දියණිය ලෙස සැරසී වසර 20ක කාලයක් කටයුතු කළ පුතෙකු පිළිබඳ අපූර්ව ප්‍රවෘත්තියක් චීනයෙන් වාර්තා වෙයි.
චීනයේ, ගුආන්ග්ෂි පළාතේ, ගුයිලින් ගම්මානයේ ජීවත්වන මැදි වයසේ පසුවන මෙම පුද්ගලයා පිළිබඳ එරට සමාජජාල මාධ්‍යවල දැඩිව කතාබහට ලක්වීම ඇරඹී ඇත්තේ වෙයිබෝ හි පළ කෙරුණු වීඩියෝවක් නිසාවෙනි.
එම වීඩියෝව මේ වනවිට මිලියන 4.3ක පමණ ජනතාවක් නරඹා ඇති අතර, ඔවුන් වැඩිදෙනෙකු මෙම මාතෘ ස්නේහයෙන් යුතු පුත්‍රයාගේ ක්‍රියාව අගය කර තිබේ.
සාම්ප්‍රදායික චීන කාන්තා ඇඳුමකින් සැරසුණු ඔහු පවසන්නේ, තම නැගෙණිය මියගිය පුවත කණ වැකුණු සැණින් මව මානසික රෝගියෙකු බවට පත්වන ලකුණු පෙන්වූ බවයි.
මේ සඳහා පිළියම් සෙවීමක් ලෙස තමන් නැගෙණිය ලෙස සැරසී මව ඉදිරියට පැමිණි විට තමාගේ දියණිය යළි පැමිණ ඇති බව සිතමින් මෑණියන් සතුටට පත්වූ බවද ඔහු කියයි.
මවගේ සතුට වෙනුවෙන් කවුරු කෙසේ සමච්චල් කළත් තමන් මේ ආකාරයෙන් කාන්තාවක ලෙස වසර 20ක පමණ කාලයක සිට කටයුතු කරන බවත්, තමන් සතුව මේ වනවිට ඇත්තේ කාන්තා ඇඳුම් පමණක් බවත් මෙම පුද්ගලයා පවසා තිබේ.

.jpg)
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

