මලාලාට වෙඩි තැබීමේ සිද්ධියට සම්බන්ධ 10ක් දැලේ
පකිස්ථානයේ පාසල් ශිෂ්‍යාවක වූ මලාලා යුසුෆ්සායිට වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකකළ පුද්ගලයන් 10 දෙනෙකු අත්අඩංගුවට ගත් බව පකිස්තාන ආරක්ෂක අංශ පවසයි.
මිට වසර 2කට පමණ පෙර පාසල් බස් රථය තුළදී ඇයගේ හිසට වෙඩි තබා තිබුණි.
මෙම සැකකරුවන් පිරිස පකිස්ථානයේ වත්මන් තලේබාන් නායකයාට සේවය කරමින් සිටි පිරිසක් බව එරට ආරක්ෂක අංශ තහවුරු කරයි.
පාකිස්තානය තුළ ගැහැණු ළමයින්ට අධ්‍යාපනය ලැබීමට ඇති අයිතිය වෙනුවෙන් මලාලා යුසුෆ්සායි ප්‍රසිද්ධියේ කතා කළාය.
කෙසේ වෙතත්, මුස්ලිම් ෂරියා නීතිය අනුව ස්ත්රීන්ට පාසල් අධ්‍යාපනය තහනම් වන බැවින්, ඊට එරෙහිව යාම නිසා පකිස්තානයේ තලේබාන් තුවක්කුකරුවකු මලාලාට වෙඩි තැබීය.
නමත්, සැත්කම් කිහිපයකට පසු ඇයගේ දිවි බේරා ගැනීමට වෛද්‍යවරුන්ට හැකි වූ අතර, ඇය විදෙස් ගත කර වැඩිදුර ප්‍රතිකාර ලබාදෙන ලදී.
කෙසේ වෙතත්, මලාලා යුසුෆ්සායිට තවමත් තලේබාන් තර්ජන පවතින හෙයින් මේ වනවිට ඇය බ්‍රිතාන්‍ය තුළ ජීවත් වන අතර, ඉස්ලාමීය අන්තවාදීන්ගේ ගොදුරු බවට පත්වන මුස්ලිම් ගැහැණු දරුවන් වෙනුවෙන් ඇය තවමත් හඬ නගමින් සිටියි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

