රාජකීය විවාහ මංගල උත්සවය සඳහා පැමිණෙන මනාලයා, රාජකීය හැරී කුමරු කෝවර්ත් පාර්ක් හෝටලයේ සිට වින්ඩ්සර් මාලිගය වෙත පැමිණීම අරඹා තිබේ.
එමෙන්ම, මේ වනවිට ලක්ෂයකට අධික ජනතාවක් මෙම අසිරිමත් විවාහ මංගල උත්සවය දැකබලා ගැනීම සඳහා වින්ඩ්සර් මාලිගය අවට රැඳී සිටින බව විදෙස් වාර්තා පවසයි.
එමෙන්ම, විවාහ මංගල උත්සවයට සහභාගී වීම සඳහා තවත් දහස් ගණනක ආරාධිතයන් පිරිසක් වින්ඩ්සර් මාලිගිය වෙත ළඟා වෙමින් පවතින බව සඳහන් වෙයි.
දෙවැනි මනාලයා වූ තම වැඩිමහලු සහෝදර විලියම් කුමරු සමග, හැරී පැමිණෙන බව කියැවෙයි.