මනාලයට 84 යි මනාලියට 24 යි දිව්‍යමය ප්රේමයක්ලු
වයස අවුරුදු 84ක් වන රුසියානු ජාතික ප්‍රකට චිත්‍රපට නළුවා තමාට වඩා අවුරුදු 60කින් බාල තරුණියක් සමග විවාහ වූ පුවතක් වාර්තා වෙයි.
සෝවියට් හා රුසියානු චිත්‍රපට 140ක පමණ කෘතහස්ත රංගනයන් හි දායක වී ඇති අයිවන් ක්රස්කෝගේ අතගත් 24 හැවිරිදි මනාලිය නටාලියා ෂෙවෙල් වන අතර, ඇය ඔහුගේ ශිෂ්‍යාවක බවද කියයි.
ශාන්ත පීටර්ස්බර්ග් නුවරදී ඔවුන්ගේ විවාහය සිදුව ඇත්තේ පවුලේ කිහිප දෙනෙකුගේ එකතුවෙනි.
බොහෝ දෙනෙකු මෙම විවාහය සම්බන්ධයෙන් විවේචන එල්ල කළත් ඔවුන් දෙදෙනාම පවසන්නේ ඔවුන්ගේ එකතු වීම දිව්‍යමය බැඳීමක් බවයි.
මීට පෙර තුන්වරක් විවාහ වී ඇති අයිවන් දරුවන් හය දෙනෙකුගේ පියෙකි. ඔහු ශාන්ත පීටර්ස්බර්ග් නිදහස් අධ්‍යාපන ආයතනයේ ලලිතකලා ගුරුවරයෙකු ලෙස සේවය කිරීමේදී ඔහුගේ නව මනාලිය එහි ශිෂ්‍යාවකව සිටි බව කියැවෙයි.
ඇය තමන් වෙනුවෙන් ලියූ ආදර හසුන්වලින් තමන් නැවත තිරිහන් මිනිසෙකු බවට පත්වූයේ යැයි ඔහු පවසයි. එමෙන්ම, ඔවුන් දෙදෙනාට එක් දිනක් හෝ එකිනෙකාගෙන් වෙන්ව සිටීමට නොහැකි හැඟීමක් දැනෙන බවද ඔවුන් සිය විවාහයට පෙර පවසා ඇත.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

