මධ්‍යම අප්‍රිකානු ජනරජයේ අන්තර්වාර ජනපති මිචෙල් ජොටෝඩියා සිය ධුරයෙන් ඉවත්වූ බව වාර්තා වෙයි. මධ්‍යම අප්‍රිකාවේ ඇතිවී තිබෙන ආගමික ගැටුම් වැළැක්වීම වෙනුවෙන් ජෙටෝඩියාට ධුරයෙන් ඉවත්වන ලෙසට අන්තර්ජාතික වශයෙන් බලපෑම් රැසක් එල්ල විය. කෙසේ වෙතත් රටම වෙලාගෙන සිටින මෙම ගැටුම්කාරී තත්ත්වය සමනය කිරීම වෙනුවෙන් චාද් හි පැවති සමුළුකදී ජනාධිපතිවරයා ධුරයෙන් ඉවත්වන බව නිවේදනය කර ඇත.
ජනාධිපතිවරයා සමග එරට අගමැති නිකොලාස් ටියෙන්ගේයිද ධුරයෙන් ඉවත් විය. මෙම පුවත ඇසීමත් සමග දහස් ගණන් මධ්‍යම අප්‍රිකානු ජනතාව විදි බැස ප්‍රීතිඝෝෂා කරන්නට විය. මධ්‍යම අප්‍රිකාවේ අගනුවර වූ බන්ගුයිහිදි ජනතාවගේ ප්රිතීඝෝෂා වැඩිවශයෙන් දැකගත හැකිවූ බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
ජෙටෝඩියා මධ්‍යම අප්‍රිකාවේ ප්‍රථම මුස්ලිම් නායකයා ලෙස පසුගිය වසරේදී බලය අල්ලා ගත්තේය. එතැන් සිට එරට ක්‍රිස්තියානු හා මුස්ලිම් සටන්කාමීන් අතර ගැටුම් උත්සන්න වෙමින් දහස් ගණන් ජනයාගේ ජීවිත අහිමි විය. මධ්‍යම අප්‍රිකාවේ ඇතිවී තිබෙන මෙම ගැටුම් වැළැක්වීම සඳහා ප්‍රංශ සාම සාධක හමුදාවක්ද එරටට එවූ අතර, ජනතාව තම නිවෙස් අතහැර ආරක්ෂිත කඳවුරු කරා ගොස් ජීවත් විය.