බොකෝ හරාම් ත්රස්තයන්ට එරෙහිව සටන් නොවැද බියගුළු ආකාරයෙන් ක්‍රියාකර ඇති නයිජීරියානු සොල්දාදුවන් 200කට ආසන්න පිරිසක් හමුදා සේවයෙන් ඉවත් කර ඇති බව බී.බී.සී.ය පවසයි.
මේ අතර, එසේ බියගුළු ලෙස ක්‍රියාකරන තවත් සොල්දාදුවන් විශාල පිරිසක් පිළිබඳව ඉදිරියේදී සලකා බලන බවටද තොරතුරු ලැබී තිබේ.
මේ ආකාරයෙන් හමුදා සේවයෙන් පිරිසක් ඉවත් කරන බව නයිජීරියානු හමුදා බී.බී.සී.ය වෙත තහවුරු කර තිබුණත්, එසේ ඉවත් කිරීමට සැලසුම් කරන සංඛ්‍යාව තහවුරු කර නොතිබුණි.
ඊසානදිග නයිජීරියාවේ විශාල ප්‍රදේශයක බලය පසුගිය වසරේදී බොකෝ හරාම් ත්රස්තයන් සියතට ගැනීම හේතුවෙන් එරට හමුදාවට චෝදනා රැසක් එල්ල විය.