දේශසීමා පිළිබඳ තැකීමකින් තොරව බොකෝ හරාම් ත්‍රස්ත සංවිධානයට එරෙහිව සටන් වැදීමට ඒකාබද්ධ හමුදාවන්ට බටහිර අප්‍රිකාව තුළ අවස්ථාව පවතින බව නයිජීරියානු ජනපති පවසයි.
ජනාධිපති මාධ්‍ය ප්‍රකාශකවරයා මාධ්‍යයට පවසා සිටියේ මේ වනවිට මෙම ඒකාබද්ධ හමුදා පසුගිය මැයි මාසයේ පැවති ජනාධිපතිවරණයෙන් පසුව එකිනෙකා පිළිබඳ විශ්වාසයෙන් යුතුව පොදු සතුරා හඳුනාගෙන පහර දෙන බවයි.
නයිජීරියානු ජනාධිපතිවරයාගේ කැමරූන් සංචාරයට පෙර ඔහු මෙම අදහස් මාධ්‍ය වෙත ඉදිරිපත් කර තිබේ.
ඒ අනුව, ඉදිරි මාසයේදී නයිජීරියාව, කැමරූන්, චාද් හා නයිගර් යන රාජ්‍යයන්ගේ 8,700ක පමණ ඒකාබද්ධ හමුදාවක් බොකෝ හරාම් ත්රස්තයන් මුලිනුපුටා දැමීමේ දැවැන්ත මෙහෙයුමක් ඇරඹීමටද සූදානම් බව පැවසෙයි.