නයිජීරියාවේ හා ආසන්න රාජ්‍යයන් තුනක මිලියනයකට ආසන්න දරුවන්ට සිය පාසල් ජීවිතය අහිමි කිරීමට බොකෝ හරාම් ත්‍රස්ත සංවිධානය හේතුවක් වී ඇති බව එක්සත් ජාතීන්ගේ යුනිසෙෆ් ආයතනය පවසයි.
ඉස්ලාම් අන්තවාදී බොකෝ හරාම් ත්‍රස්ත ක්‍රියා හේතුවෙන් මෙම කලාපයේ පාසල් 2,000ක් පමණ මේ වනවිටත් වසා දමා තිබේ.
මේ අතර, තවත් පාසල් සිය ගණනක් පහරදීම්වලට ලක්ව හෝ ගිනිබත් කර ඇති බවද එම සංවිධානය වැඩිදුරටත් පවසයි.
බොකෝ හරාම් ත්‍රස්ත සංවිධානයේ වසර හයක අමානුෂික ප්‍රහාර මාලාව ඊසානදිග නයිජීරියාවට මෙන්ම, කැමරූන්, චාද් හා නයිගර් යන රාජ්‍යයන්ටද දැඩි බලපෑමක් එල්ල කර තිබේ.