අසල්වැසි කැමරූන් රාජ්‍යයේ ගම්මාන වෙත කඩා වැදී ඇති නයිජීරියානු බොකෝ හරාම් ත්රස්තවාදීන් එහි වැසියන් විශාල පිරිසක් පැහැරගෙන ගොස් ඇති බව විදෙස් වාර්තා පවසයි.
ගම්මාන වෙත එල්ල කර ඇති ප්රහාරවලදී එසේ පැහැරගෙන ගොස් ඇති පිරිසෙන් වැඩි දෙනා බාලවයස්කාර දරුවන් බවද අනාවරණය වෙයි.
ඊසානදිග නයිජීරියාවේ ගම්මාන කිහිපයක බලය පතුරුවන බොකෝ හරාම් ත්රස්තයන් මේ වනවිට අසල්වාසී රටවලටද බලවත් තර්ජනයක්ව පවතී.
චාද් රාජ්‍යයද නයිජීරියාවට මායිම් වන අතර, ඔවුන්ද මෙම ජිහාඩ් අන්තවාදීන් සමග සටනට හමුදා එවා ඇති බව පැවසෙයි.
ඔවුන් මීට පෙර නයිජීරියාවේ පාසල් සිසුවියන් විශාල පිරිසක්ද පැහැරගත් අතර, ගම්මාන රැසක් විනාශ කර මිනිස් ජීවිත දහස් ගණනක් බිලිගෙන සිටින බව විදෙස් වාර්තා වැඩිදුරටත් පවසයි.