ඊසානදිග නයිජීරියාවේ ප්රධාන නගරයක් වන බාගා වෙත දෙවැනි ත්රස්ත ප්රහාරයද බොකෝ හරාම් අන්තවාදීන් විසින් එල්ල කර ඇති බව වාර්තා වෙයි.
ඊයේ වනවිට ඔවුන් සම්පූර්ණ නගරයම පාහේ ගිනිබත් කර ඇති අතර, පසුගිය සෙනසුරාදා නගරයේ හමුදා කඳවුරක්ද සිය පාලනයට නතුකර ගත්තේය.
නගරය පුරා මළ සිරුරු විසිරී ඇති බවත්, මෙම ප්රහාරයෙන් පුද්ගලයන් 2000ක් පමණ මිය යන්නට ඇති බවට සැකයක් පවතින බවත් විදෙස් පුවත් සේවා පවසයි.
2009 වසරේ සිට නයිජීරියාව තුළ ත්රස්තවාදය වපුරන බොකෝ හරාම් අන්තවාදීන් පසුගිය වසරේදී රටේ නගර රැස්ක අත්පත් කර ගත්තේය.