ඊසානදිග නයිජීරියාවේ ගම්මානයකට කඩා වැදුණු බොකෝ හරාම් ත්රස්තයන් බහුවාර්ගික හමුදා කඳවුරක්ද අත්පත් කරගෙන ඇති බව විදෙස් පුවත් වාර්තා කරයි.
සෙනසුරාදා දිනයේදී ත්රස්තවාදීන් බාගා නගරයට මෙම ප්රලහාරය එල්ල කර ඇති අතර, එහිදී හමුදා කඳවුර අතහැර හමුදා සාමාජිකයන් පළා ගොස් තිබේ.
මෙම ප්රහාරය හමුවේ බාගා වැසියන් බෝට්ටු මගින් අසල චාද් නගරයට පළා ගියත්, තවත් විශාල පිරිසක් ත්ර ස්තයන් අතින් මරණයට පත්ව තිබේ. එමෙන්ම, නිවාස ගිනිබත් කර ඇත.
2013 වසරේ සිට හමුදා පාලනයේ පැවති අවසන් නගරය ලෙස මෙය සැලකෙයි.