ඊසානදිග නයිජීරියාවේ ගම්මානයකට කඩා වැදුණු බොකෝ හරාම් ත්රස්තයන් එම ගම්මානයේ තරුණයන් 40 දෙනෙකු පැහැරගෙන ගොස් ඇති බව කියයි.
නව අවුරුදු උදාවූ රාත්‍රියේදි මෙම පැහැරගැනීම සිදුව ඇති අතර, පසුගිය වසරේදී ඔවුන් පාසල් ශිෂ්‍යාවන් 200ක් පමණ පැහැර ගෙන තිබුණි.
මේ අතර, බොකෝ හරාම් ත්රස්තයන්ගේ ප්‍රචණ්ඩක්‍රියා හේතුවෙන් පසුගිය වසරේදී ඊසානදිග නයිජීරියාවේ පමණක් පුද්ගලයන් 2,000ක් පමණ ජීවිතක්ෂයට පත්ව තිබේ.
2009 වසරේ සිට ප්‍රචණ්ඩක්‍රියා වපුරන මොවුන්, බටහිර අධ්‍යාපනය වළක්වන අතර, කාන්තාවන් අධ්‍යාපනය ලැබීමටද විරුද්ධව ක්‍රියා කරයි.