උතුරුදිග නයිජීරියාවේ බාමා නගරය ඉස්ලාමීය අන්තවාදී බොකෝ හරාම් ත්රස්තයන් අතට පත්වීමත් සමග නගරයේ වීදි මළ සිරුරුවලින් දිනෙන් දින පිරී යන බව එරටින් වාර්තා වෙයි.
බොකෝ හරාම් ත්රස්තයන් එම වීදි ආශ්රිතව මුර සංචාරයේ යෙදෙමින් මළ සිරුරු මිනිසුන් විසින් රැගෙන යාම වළක්වන බවද පැවසෙයි.
කෙසේ වෙතත් නයිජීරියානු රජය පවසා සිටින්නේ නගරයේ සම්පූර්ණ පාලනය තවමත් බිඳ වැටී නොමැති බවයි.
බාමා සටන් හේතුවෙන් පුද්ගලයන් 25,000කට පමණ උන්හිටිතැන් අහිමි වී ඇති බව පැවසෙයි.
නයිජීරියාවේ ඊසානදිග බොර්නෝ ප්රාන්තයේ වඩාත් වැදගත් නගරයක් ලෙස බාමා සැලකෙයි.