ලොව පුරා ක්රිස්තියානි බැතිමතුන්ගේ සහභාගීත්වයෙන් ජේසුස් වහන්සේගේ උපත සිදුවූ බෙත්ලෙහෙමෙහි චාරිත්රානුකූල නත්තල් දින රාත්රී දේවමෙහෙය මෙවරත් විශාල පිරිසකගේ සහභාගීත්වයෙන් පැවැත්විණි.
මෙම දේවමෙහෙය අවස්ථාවේදී ලතින් සභාවේ අගරදගුරු ෆොවුඩ් ට්වාල් පියතුමා යුදෙව්, මුස්ලිම් හා ක්රිස්තියානි ප්රජාවට සමානාත්මතාවයෙන් එක්ව වාසය කිරීමට ඇරයුම් කළේය.
ගාසා තීරය් හා ජෙරුසිලමේ පැවති ගැටුම් පිළිබඳ සිහිපත් කළ හෙතෙම 2015 වසර ගෙවීයන අසීරු වසරට වඩා යහපත් වසරක් වනු ඇති බව පවසා සිටියේය.
දේවමෙහෙයට ප්රථම දහස් ගණන් බැතිමත්හු මැන්ගර් චතුරස්රයට එක්ව සිටි අතර, ඔවුන් එහි සිට අගරදගුරුතුමාගේ දේවමෙහෙයට සවන් දුන්හ.