ජනපති පියරේ ක්රුන්සිසා තෙවැනි වරටත් ජනපති ධුරය සඳහා තරග වදින බුරුන්ඩි ජනාධිපතිවරණය දැඩි උණුසුම්කාරී වාතාවරණයක් මත ආරම්භ වී තිබේ.
එරට වේලාවෙන් අද උදෑසන 6.00ට ඡන්දය ප්‍රකාශ කිරීම ආරම්භ වී ඇත්තේ ඊට පෙර දින බුජුම්බුරා අගනුවර වෙඩි ප්‍රහාරයක්ද සිදුවීමෙන් අනතුරුවය.
ව්‍යවස්ථා විරෝධීව තෙවැනි වරටත් ජනාධිපති ධුරයට තරග වැදීම සම්බන්ධයෙන් වත්මන් ජනාධිපතිවරයා දැඩි දෝෂදර්ශනයට ලක්ව ඇත.
කෙසේ වෙතත්, රජයේ පාර්ශ්වය විරුද්ධ පක්ෂවලට චෝදනා කරන්නේ රට තුළ ප්රචාණ්ක්රියා වපුරන උද්ඝෝෂණ සිදුකරන බවටයි.